Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch
මේ මොන හරුපයක්ද කියලා බැලුවා නේද? , විහිලුවක් හෝ වැරදිලා ලියවුණු අකුරු ටිකක් නෙමෙයි. මේ උතුරු වේල්සයේ තියන ඉතා කුඩා ගම්මානයක නම. අකුරු 58 ක් තියනවා. ලෝකයේ දිගම නම් සහිත ගම්මාන වලින් එකක්. රස්තියාදුවක යන අතරේ සිග්නල් ප්‍රශ්නෙකට කෝච්චිය නතරකලා මේ ගමේ ඉස්ටේසමේ. ගිනි පිඹින්නන එලියට බැස්සම මෙන්න මේ පුවරුව එක ඇහැ ගැටුන.මේක කියවන විදිය නම් හීනෙන්වත් හිතා ගන්න බැරී උනාට ටිකක් එහාට වෙන්න පුවරුවක මේ වචන වල තේරුම ගහලා තිබ්බා.
Pwll - A Hollow 
Gwyn - White
Gyll - Hazel 
Goger - Near to 
Y - the
Chwyrn - Rapid
Drobwll - Whirlpool
Llan - Church 
Tysilio - Saints
Gogo - Cave
Goch - Red
දාපු මනුස්සයා මොන හිතකින් මේක මේ ගමට දැම්මාද කියන එක නම් පුදුමාකාර ප්‍රශ්නයක්. කොහොම නමුත් වේල්සය කියන්නෙ දවසින් දවස ජීවිතේට අලුත් අත්දැකීම් එකතුකරපු ලෝකෙ තියන සාමකාමීම ස්තාන වලින් එකක්.



 
 
 
 
 
No comments:
Post a Comment